Home COVID ගම්පහ උපකාරක පංතියට ගිය සිසුවියන්ට කොවිඩ්

ගම්පහ උපකාරක පංතියට ගිය සිසුවියන්ට කොවිඩ්

ගම්පහ උපකාරක පංතියට ගිය සිසුවියන්ට කොවිඩ්

උපකාරක පංති පැවැත්වීම් තහනම්කර තිබියදීත් එය නොතකා ගම්පහ හංසගිරි පාරේ නිවසක හොර රහසේ පැවැත්වූ උපකාරක පංතියකට සහභාගිවූ සිසුවියන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

එම උපකාරක පංතිය පවත්වා ඇත්තේ ගම්පහ ප්‍රධාන පාසලක ගුරුවරයෙක් විසිනි.

සිසුවියන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී එම සිසුවියන් කොවිඩ් ආසාදිතයන් බව තතහවුුරු වී තිබේ.

සෞඛ්‍ය මාර්ගගෝපදේශ උල්ලංඝණය කරමින් පැවැත්වූ උපකාරක පංතිය ගැන තොරතුරු හෙළිවී ඇත්තේ එම සිසුවියන් දෙදෙනාගෙන් කළ තොරතුරු විමසීම්වලදීය. ඒ අනුව අදාල උපකාරක පංතියට සහභාගිවූ සිසුවියන් 15 දෙනෙක් සමග ගුරුවරයා ස්යං නිරෝධායනයට යොමුකර තිබේ. ඒ අය පී.සී.ආර්. පරීක්ෂාවන්ට ඉදිරියේදි යොමුකරන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

සෞඛ්‍ය උපදෙස් නොසලකා උපකාරක පංතිය පැවත්වූ ගුරුවරයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here