Home උණුසුම් පුවත් ට්‍රම්ප් අඟහරුවාදා නිව්යෝක් උසාවියට

ට්‍රම්ප් අඟහරුවාදා නිව්යෝක් උසාවියට

ට්‍රම්ප් අඟහරුවාදා නිව්යෝක් උසාවියට

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන අඟහරුවාදා දිනයේදී නිවියෝක් හී අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයාට මේවන විට එල්ලවී ඇති අපරාධ චෝදනාවන්ට සම්බන්ධව පැවැත්වෙන නීතිමය කටයුතු සඳහා සහ නඩුවට අදලාව මෙලෙස නිව්යෝක් හී අධිකරණයක පෙනි සිටීමට නියමිතව ඇත. එහිදී ඔහුගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනීමටත්, ඔහුව ඡායාරූපගත කිරීමටත් නියමිත බවද ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් හට මෙලෙස අධිකරණයේ පෙනී සිටීමේදී බොහෝවිට අත්අඩංගුවට ගැනීමටද ඉඩ පවතින බවට සඳහන්ය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අත්විලංගු සහිතව අධිකරණ භූමියට රැගෙන ඒම සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරුන් දැඩි විරෝධය පළකර ඇති බවට වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරයාට එල්ල වී ඇති ප්‍රධානම චෝදානාව වී ඇත්තේ 2016 වර්ෂයේදී ස්ටෝමි ඩැනියෙල් නැමති වැඩිහිටියන්ට පමණක් නිර්මාණය කරන චිත්‍රපට වලට පෙනී සිටින නිලියක් හට අයතා ලෙස මුදල් ගෙවීමක් සම්බන්ධවයි.

අදාල නිලිය චෝදනා කර සිටින අන්දමට හිටපු ජනාධිපතිවරයා ඔහුගේ එක්සත් ජනපද ජනාධිපතිධූයට තරඟ කිරීමට පෙර ඇය සමඟ යහන්ගත වීමක් වසන් කිරීමට විශාල මුදලක් ගෙවීමට ඉදිරිපත් වූ බවත් ඊට ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාගේ එවකට නීතීඥයා යොදාගත් බවයි.

මෙම චෝදනාවට අමතරව තවත් චෝදනා කීපයක්ම හිටපු ජනාධිපතිවරයාට එල්ලවී ඇති අතර ඇමරිකානු ඉතාහාසයේ අපාරධ චෝදනා එල්ල වූ පළමු විශ්‍රාමික ජනාධිපතිවරයා වන්නේද ට්‍රම්ප් වීම විශේෂත්වයකි.

කෙසේවෙතත් ට්‍රම්ප් පාක්ෂිකයින් සහ මධ්‍යස්ත දේශපාලන මතධාරීන් පෙන්වා දෙන්නේ මෙම චෝදනා සියල්ල හිටපු ජනාධිපතිවරයා 2024 වර්ෂයේ එක්සත් ජනපද ජනාධිපතිවරණ තරඟයට එක්වීම වැලැක්වීමට ගෙනයන ප්‍රයත්න බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here