fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පුතු සමඟ අවසන් ගුවන් මෙහෙයුම ඉටුකළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවා

    පුතු සමඟ අවසන් ගුවන් මෙහෙයුම ඉටුකළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවා

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරයා ලෙස එහි වසර 40 ක සේවා කාලයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ මහතා අද දින (31) ඔහුගේ අවසන් ගුවන් මෙහෙයුම සිදුකර තිබේ.

    ඒ සඳහා සහයක ගුවන් නියමුවරයා ලෙස ඔහුගේ පුත්‍රයා වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමු රහල් කුමාරසිංහ මහතා ද එක්වීම සුවිශේෂී සිදුවීමක් විය.

    ඉන්දියාවේ මදුරාසි සිට කොළඹට ලඟා වූ UL 138 ගුවන් යානය සමඟ ඒ මහතා ගුවන්සේවය වෙනුවෙන් දශක හතරක සේවා කාලය අවසන් කරන ලදී.

    ඒ මහතාගේ අවසන් ගුවන් ගමන වෙනුවෙන් විශේෂ උත්සවයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සංවිධානය කර තිබිණි.

    එහිදී ගුවන් යානයට චාරිත්‍රානුකූල ගුවන් ජල ආචාරයක් ද සිදු කරන ලදී.

    උත්පල කුමාරසිංහ මහතා 1979 වසරේ දී සහකාර ගුවන් මෙහෙයුම් නිලධාරියෙකු ලෙස ගුවන් සේවයට එක් වූ අතර 1982 වර්ෂයේ දී පුහුණු ගුවන් නියමුවරයෙක් ලෙස සේවය ආරම්භ කරන ලදී.

    අනතුරුව ඒ මහතා වර්ෂ 1993 දී ගුවන් නියමුවරයෙක් ලෙස ගුවන් සේවයට එක්විය.

    එදා සිට අද දක්වාම ශ්‍රීලංකන් ගුවන් සේවයේ උන්නතිය සහ කීර්තිය වෙනුවෙන් අති විශාල මෙහෙවරක් සිදු කල ඒ මහතා අද දින විශ්‍රාම ගොස් ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරයා ලෙස රාජකාරී කරමින් සිටියදීය.

    පුරා වසර 40 ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් ගුවන් සේවයට සමුදෙමින් විශ‍්‍රාම දිවියට එළඹෙන ඒ මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත දිගාසිරි පිරි විශ‍්‍රාම දිවියක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.