Home උණුසුම් පුවත් ඇඟ‍ෙන් වැඩ පෙන්වන පොලීසිය

ඇඟ‍ෙන් වැඩ පෙන්වන පොලීසිය

0
ඇඟ‍ෙන් වැඩ පෙන්වන පොලීසිය

74 වන MR. Sri Lanka කායවර්ධන ශුරතා තරඟාවලියේදී ශ්‍රී ලංකා පොලිස් කායවර්ධන සංගමය නියෝජනය කරමින් සහභාගී වූ පො.කො. හසින්ත නිලධාරියා සහ පො.කො.රි. අමරසිංහ නිලධාරියා එහිදී ජයග්‍රහණ ලබා ගෙන ඇත.

පසුගියදා (26) මරදාන ටවර් රඟහලේදී 74 වන MR. Sri Lanka කායවර්ධන ශුරතා තරඟාවලිය පැවත්විණ.

ඒ සඳහා 85 kg බර පන්තිය යටතේ තරඟ කරන ලද පොලිස් කොස්තාපල් හසින්ත නිලධාරියා එහිදී දෙවන ස්ථානයද, 60 kg බර පන්තිය යටතේ තරඟ කරන ලද පොලිස් කොස්තාපල් රියදුරු අමරසිංහ නිලධාරියා තෙවන ස්ථානයද හිමිකර ගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිස් කායවර්ධන සංගමයෙහි සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා කටයුතු කරයි.

එම සංගමයේ ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.ජි.හේමාල් ප්‍රශාන්ත මහතා කටයුතු කරනු ලබයි.

උප පොලිස් පරීක්ෂක කේ.බී.එන්. කොඩිතුවක්කු මහතා මෙම සංගමයේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර නිරන්ජන් කුමාර මහතා සංගමයේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here