fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකානු මාධ්‍යවේදියෙකු රුසියාවේදී අත්අඩංගුවට

    ඇමරිකානු මාධ්‍යවේදියෙකු රුසියාවේදී අත්අඩංගුවට

    රුසියානු රජය විසින් අද දින (30) ඇමරිකා එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ වාර්තාකරුවෙකු ඔත්තු බැලීමේ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වසර හයක් රුසියාවේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කර ඇති 31 හැවිරිදි ගර්ෂ්කොවිච්, මත්ද්‍රව්‍ය චෝදනාව මත මාස 10 ක සිරගතව සිට දෙසැම්බර් මාසයේදී නිදහස් වූ පැසිපන්දු තරුව බ්‍රිට්නි ග්‍රයිනර්ගෙන් පසුව අත්අඩංගුවට ගත් ඉහළම ඇමරිකානුවා වේ.

    රුසියානු ආරක්ෂක අංශ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කියා සිටියේ, අදාල මාධ්‍යෙව්දියා විසින් රුසියාවේ ආරක්ෂක අංශවලට අයත් යෙකටරින්බර්ග්හිදී ගර්ෂ්කොවිච් හී කාර්මික සංකීර්ණයක් පිළිබඳ රහසිගත තොරතුරු රැස්කරමින් ඔත්තු බැලීමේ කටයුතුවල නිරතවී ඇති බවයි.

    අත්අඩංගුවට ගත් මාධ්‍යෙව්දියා මොස්කව් වෙත ගෙන එන ලද අතර එහිදී අධිකරණය විසින් මහජනයාට විවෘත නොවන ආකාරයෙන් නඩු විභාගයක් පැවැත්වීය. එහිදී ඔහුව මැයි 29 දක්වා රඳවා තබා ගැනීමට නියෝග කළේය. රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ සැකකාර මාධ්‍යව්දියා තමන් නිවැරදිකරු බවට අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර ඇති බවයි.

    අදාල නඩු විභාගය සම්බන්ධයෙන් හෝ ඊට අදාල කිසිදු කරුණක් සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් කිසිදු කාරණක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ අතර රුසියානු මාධ්‍ය පැවසුවේ නඩු විභාගය ඉහළ රහසිගත ලෙස පැවැත්වූ බවයි.

    මෙහිදී මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ඩැනියෙල් බර්මන් හට උසාවිය තුළට ඇතුළු වීමට හෝ චෝදනා පත්‍රය බැලීමට ඉඩ නොදුන් බව නීතිඥ බර්මන් අධිකරණයෙන් පිටතට පැමිණ වාර්තාකරුවන්ට පැවසීය. දේශපාලන සිරකරුවන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සෝවියට් යුගයේ කුප්‍රකට 19 වන සියවසේ මධ්‍යම මොස්කව් බන්ධනාගාරය වූ ගේර්ෂ්කොවිච්ව ලෙෆෝර්ටෝවෝ වෙත මාධ්‍යෙව්දි ගර්ෂ්කොවිච් ගෙන යනු ඇතැයි විශ්වාස කරන බවට නීතිඥ බර්මන් ප්‍රකාශ කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් හා මාධ්‍යෙව්දී ගර්ෂ්කොවිච් හට එල්ලවී ඇති චෝදනා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත් චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර විශ්වාසවන්ත සහ කැපවූ වාර්තාකරුවකු වූ ගර්ෂ්කොවිච් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටී ඇත. ″අපි ගර්ෂ්කොවිච් සහ ඔහුගේ පවුලේ අය සමඟ සහයෝගයෙන් සිටිමු” යනුවෙන් පුවත්පත වැඩිදුරටත් පවසයි.

    ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ ගර්ෂ්කොවිච් ගර්ෂ්කොවිච් රුසියාවට එරෙහිව ඔත්තු බැලීම සම්බන්ධයෙන් සියලු කරුණු අනාවරණය වී ඇති බවට තමන් තමා විශ්වාස කරන බවයි. මේ අතර රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය පැවසුවේ, එක්සත් ජනපදය සමඟ සිදුවිය හැකි ඕනෑම සිරකරුවෙකු හුවමාරුවක් ගැන කතා කිරීමට ඉක්මන් වැඩි බවත්, එවැනි ගනුදෙනු සාමාන්‍යයෙන් සංවිධානය කරනු ලබන්නේ සිරකරුවෙකු වරදකරු කිරීමෙන් පසුව පමණක් බවත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.