Home උණුසුම් පුවත් කබඩි සභාපතිට බෝම්බයක්

කබඩි සභාපතිට බෝම්බයක්

0
කබඩි සභාපතිට බෝම්බයක්

ශ්‍රී ලංකා කබඩි සංගමයේ සභාපති අනුර පතිරණ මහතාගේ මෝටර් රථය අසලට අත්බෝම්බයක් දැමූ පුද්ගලයෙක් සොයා හෙට්ටිපොල පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

අනුර පතිරණ මහතා පදිංචිව සිටින්නේ හෙට්ටිපොල දොලහමුණ ප්‍රදේශයේය. ඔහු සිය මෝටර් රථය ගෙවත්තේ නතරකර තිබී ඊයේ (26) උදෑසන එය පන ගැන්වීමට යන අවස්ථාවේදී ඒ අසල තිබුණු බෝම්බය දැක ඇත.

ඒ බව අනුර ධර්මරත්න මහතා හෙට්ටිපොල පොලීසියට කළ දැනුම්දීමකට අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් විමර්ශන පවත්වා අත්බෝම්බය සිය භාරයට ගෙන තිබේ. මෙම බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත එකක් බව හෙට්ටිපොල පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here