Home special ඇමරිකාවේ ලොකුම බැංකුවක් බංකොළොත්

ඇමරිකාවේ ලොකුම බැංකුවක් බංකොළොත්

ඇමරිකාවේ ලොකුම බැංකුවක් බංකොළොත්

ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම බැංකුවක් වන සිලිකන් වැලී බැංකුව ඊයේ (10) දිනයේදී කඩා වැටීමට ලක්වීමත් සමඟ එහි මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට එක්සත් ජනපද බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම බැංකුව කඩා වැටීම එක්සත් ජනපදය 2008 වර්ෂයේ මුහුණ දුන් මුල්‍ය පද්ධතිය කඩා වැටීමෙන් පසු සිදුවූ දරුණුතම මූල්‍ය අර්බුදය වේ. ඇමරිකාවේ කැලිෆෝනියා හී සිලිකන් වැලී හී පිහිටා ඇති තාක්ෂණික සමාගම් වල අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම මෙම බැංකුවේ මූලික මෙහෙයුම වී තිබිණි.

එක්සත් ජනපද රජය විසින් ඉකුත් වසරේදී පොලී අනුපාත සීඝ්‍රෙයන් ඉහළ දැමීමත් සමඟ මෙම බැංකුව විසින් ආයොජනය කළ සුරැකුම්පත් වල පොලී අනුපාත අඩු මට්ටමක පැවතීම හේතුවෙන් බැංකු අපෙක්ෂා කළ අරමුදල් නිපදවීමක් කිරීමට නොහැකිවිය. එහිදී බැංකුවට ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන එකයි දශම අටක් අහිමිවිය.

ඒ හේතුවෙන් බැංකවේ මුදල් තැන්පත් කළ පිරිසට සිය මුදල් ආපසු ගෙවීමේ අර්බුදයකට ඉකුත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයේදී නොහැකිවිය. මෙම තත්ත්වයත් සමඟ තැන්පත් කරුවන් ආරක්ෂා කිරීමට එක්සත් ජනපද ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව මැදිහත්වී ඇති බවටද වාර්තාවේ.

මෙම බැංකු කඩා වැටීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපද කොටස් වෙළෙඳ පොලටත් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර එය ගෝලීය මූල්‍ය වෙළෙඳ පොලටද බලපෑමක් එල්ල කළ හැකි බවටද විශ්ලේෂකයින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here