fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරක් කටා සහ කුඩු සළිඳු ගේන්න යන කණ්ඩායමෙන් රාජ්‍ය බුද්ධි සේවා...

    හරක් කටා සහ කුඩු සළිඳු ගේන්න යන කණ්ඩායමෙන් රාජ්‍ය බුද්ධි සේවා නිලධාරියා හැලේ

    මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන සිටින හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒමට සිව් දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් අද සවස කටුනායක ගුවන් තොටුපොලින් මැඩගස්කරය බලා ගමන් කිරීමට නියමිතව ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් මෙසේ මැඩගස්කරය බලා ගමන් කිරීමට නියමිතය.

    විශේෂ කාර්ය බලකායෙන් මෙම ගමනට සම්බන්ධ වී සිටින්නේ පාතාල අපරාධ මෙහෙයුම් වලට සම්බන්ධ නිලධාරීීන් දෙදෛනක් වීම විශේෂිතය.

    මෙම කණ්ඩායමට රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලධාරියෙක් ද සම්බන්ධ වී සිට ඇති අතර අවසාන මොහොතේදී එම නිලධාරියා මෙම ගමනින් හැලී තිබේ. මෙයට පෙර පාතාල අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මෙහෙයුම් වලදී රාජ්‍ය බුද්ධිි සේවයේ නිලධාරීන් සම්බන්ධ වෙති. ඔමානයේ රැකියා සඳහා රැගෙන යන මෙරට කාන්තාන් අලෙවි කිරීමේ ජාවාරම ගැන විමර්ශන පැවැත්වීමට ගිය කණ්ඩායම අතරද රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීයෙක් සිටියේය.

    රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් මෙවැනි ගමන් වලදී සම්බන්ධ වන්නේ බුද්ධිමය තොරතුරු හෙළිකර ගැනීමය.

    හරක් කටා සහ කුඩු සළිදු පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇති අතර ඒ බව බුද්ධි අංශ වාර්තා කිහිපයක්ම තිබේ. හරක් කටා සහ කුඩු සළිදු මෙරටට රැගෙන ඒම මුල්කරගෙන මේ වන විට අදාල පොලිස් නිලධාරීන් කළබල වී සිටින බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    හරක් කටා සහ කුඩු සළිදු රැගෙන ඒමට අද සවස මැඩගස්කරය බලා ගමන්කරන මෙම පොලිස් කණ්ඩායම බොහෝ විට සඳුදා රාත්‍රී කාලයේදි හෝ අගඟහරුවාදා දිනය තුළ ඔවුන් දෙදෙනාව මෙරටට රැගෙන එනු ඇත.

    මෙම අපරාධකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවටගත් සෙසු පාතාල අපරාධකරුවන් වන පානදුරේ සුද්දා සහ තරංග ඇතුළු සිව් දෙනා මැඩගස්කරය පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත්කර මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.