Home උණුසුම් පුවත් වරදක් ඇත්නම් වරෙන්තු නැතුවම ඩයනා අත්අඩංගුවට ගන්න පුළුවන්

වරදක් ඇත්නම් වරෙන්තු නැතුවම ඩයනා අත්අඩංගුවට ගන්න පුළුවන්

වරදක් ඇත්නම් වරෙන්තු නැතුවම ඩයනා අත්අඩංගුවට ගන්න පුළුවන්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන පනත යටතේ වරදක් කර ඇත්නම්, ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව අධිකරණය ප්‍රකාශ කරයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද මේ බව විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ය.

ඒ ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

එහිදී ඉදිරිපත්වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here