Home උණුසුම් පුවත් රාජ්‍ය සේවක වැටුප් ගැන රජයෙන් තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගැන රජයෙන් තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගැන රජයෙන් තීරණයක්

රාජ්‍ය සේවයේ විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනයන්හිදී ගෙවීමටත්, විධායක නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් රජය තීරණය කර තිබේ.

ඒ සඳහා මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබ ඇති පියවර පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ‍යොමු කර ඇත.

පවතින තත්ත්වය සළකා බලා ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.

2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

එමඟින් ජනනය වන ආදායම් රැස් කිරීම සඳහා යම් කාලසීමාවක් ගත වනු ඇති බව රජය කියයි.

රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතුව බැවින් මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here