fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කමල්-ශවේන්ද්‍ර ඇතුළු 18ක් උසාවි කැඳවයි

    කමල්-ශවේන්ද්‍ර ඇතුළු 18ක් උසාවි කැඳවයි

    මැයි 09 වැනිදා ගෙවල් ගිනි තැබීමට ලක්වූ මැති-ඇමති පිරිසක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව ඒ සඳහා පියවර ගන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

    ඒ අනුව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති, යුද හමුදාපති ඇතුළු 18 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය නොතේසි නිකුත් කර තිබේ.

    මැයි 09 වැනිදා පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධාන අනුව පියවර ගන්නැයි අදාළ මැති ඇමතිවරුන් විසින් නීතිපති, ආරක්ෂක ලේකම් හා පොලිස්පති ඇතුළු පිරිසකට රීට් ආඥාවක් නිකුත් කරන්නැයි රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

    අභියාචනාධිකරණය මෙලෙස විභාගයට ගැනීමට තීරණය කර ඇත්තේ එම පෙත්සමයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.