Home උණුසුම් පුවත් අහුංගල්ලේ ගෙවත්තකින් ක්ලේමෝ බෝම්බයක්

අහුංගල්ලේ ගෙවත්තකින් ක්ලේමෝ බෝම්බයක්

0
අහුංගල්ලේ ගෙවත්තකින් ක්ලේමෝ බෝම්බයක්

අහුංගල්ල සුමංගල මාවතේ පිහිටි කරවල වාඩියක වලදමා තිබුණු අධිබලැති ක්ලේමෝ බෝම්බයක් ඊයේ (13) සොයාගෙන ඇත.

තංගල්ල මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අහුංගල්ලට ගොස් මෙම කරවල වාඩිය පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බය හමුවී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිෂ්පාදිත මෙම බෝම්බය හමුවී ඇත්තේ කරවල වාඩිය වටකර ඇති තාප්පයක් ආසන්නයේ වලදමා තිබියදීය.

මෙම බෝම්බය කිලෝ දෙකහාමාරක් පමණ බරැති එකක් බවත් මෙම ස්ථානයේ මෙම බෝම්බය වලදමා ඇත්තේ මාසයකට දෙකකට පමණ පෙර දී බව සැකකරන බවත් පොලීසිය කියයි.

මෙම කරවල වාඩියේ හිමිකරු කොස්ගොඩ පිටියගොඩ මාදොඹේ පදිංකරුවෙකි. ඔහු මේ වන විට පොලීසියට කට්ටිපනමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here