තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රියමාලිගේ මොඩලයේ තවත් මගෝඩියක් එළියට

    ප්‍රියමාලිගේ මොඩලයේ තවත් මගෝඩියක් එළියට

    තිලිණි ප්‍රියමාලි විසින් ලෝක වෙළ මධ්‍යස්ථානයේ 34 වෙනි මහලේ පවත්වාගෙන ගිය ආකාරයේම කාර්යාලයක් නැගෙනහිර කුළුනේ 19 වෙනි මහලේ පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරතව සිටින වංචාකරුවන් පිරිසක් ගැන කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    විදේශීය කොටස් වෙළඳපොලේ ආයෝජන කරන මූල්‍ය ආයතනයක් ලෙස පෙනීසිටිමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් දෙමින් එම ව්‍යාපාරිකයන්ව රවටමින් මෙම වංචාව සිදුවන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

    මෙම වංචාවට හසුවී රුපියල් ලක්ෂ 39ක් සහ ලක්ෂ 29ක් අහිමිකරගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ඉදිරිපත්කර ඇති බවත් අධිකරණයට ඊයේ කරුණු වාර්තාකර විමර්ශන ආරම්භකල බවත් වංචා විමර්ශන කාර්යංශය සඳහන් කළේය.

    මුල් මාස කිහිපය තුළ එම ආයෝජනයේ ලාභාංශ ලබාදෙමින් තව තවත් ආයෝජනයන් සඳහා පොළඹවාගෙන ගත හැකි උපරිම මුදල ලබාගැනීමෙන් පසු මගහැරීමක් සිදුවන බව මූලික විමර්ශන වලින් පෙනී යන්නේ යැයි වංචා විමර්ශන කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම මූල්‍ය කටයුත්තේ ඔවුන් නිරතව සිට ඇත්තේද මහ බැංකුවේ ලියාපදිංචියකින් තොරව බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    ලෝක වෙළද මධ්‍යස්ථානයේ කාර්යාලය අතහැර මේ වන විට මෙම වාංචාවට සම්බන්ධ පිරිස් පළායාමේ සූදානමක් ගැනද තොරතුරු වංචා විමර්ශන කාර්යාංශයට ලැබී ඇත. එබැවින් ඉදිරියේදී මෙම නීති විරොධි මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් වංචාවල නිරතවූ පිරිස් වෙත රටින් පළායාමට ඉඩ නොතබමින් අවශ්‍ය අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img