Home Uncategorized හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා අත්අඩංගුවට

0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව කුරුදුවත්ත පොලීසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ඒ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක් නිදහස් කරන ලෙස බලකරමින් කුරුදුවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටියදීය.

පොලීසිය පවසනුයේ නිදහස් චතුරශ්‍රයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවය. අනතුරුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත කාර්යාලය අසලට පැමිණ එතැනද විරෝධතාවක නිරත ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පදිංචිව සිටින පැජට් පාරේ නිල නිවස දෙසට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඒ දෙසට විරෝධතා කරුවන්ට ගමන් කිරීමට ඉඩ නොදී එය වැලැක්වූ බවය. එහිදී පොලීසිය කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කුරුදුවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී ඇත්තේ ඉන් අනතුරුව බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here