Home දේශීය පුවත් මෛත්‍රීව සොයාගෙන චීන තානාපති පොළොන්නරුවේ ගෙදරටම යයි

මෛත්‍රීව සොයාගෙන චීන තානාපති පොළොන්නරුවේ ගෙදරටම යයි

0

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා පොළොන්නරුවට ගොස් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ දිනය තුලදීය.

ශ්‍රී ලංකාවට පුළුවන් තරම් චීනය උදව්කරන බව එහිදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයාට පවසා ඇති බව සඳහන්ය.

මෙම හමුවේදී රටේ පවතින ආර්ථික තත්ත්වය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිකර ඇති අතර පවතින රජය වෙනස් ව නව රජයක් බලයට පත්වන තුරු රට ගොඩ ගැනීමට නොහැකි බව ද සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here