Home උණුසුම් පුවත් විරෝධතා පුළුල් කරන බවට වෘත්තිය සංගම් අනතුරු අඟවයි

විරෝධතා පුළුල් කරන බවට වෘත්තිය සංගම් අනතුරු අඟවයි

විරෝධතා පුළුල් කරන බවට වෘත්තිය සංගම් අනතුරු අඟවයි

ආණ්ඩුව එරෙහිව හෙට (09) සිට අඛණ්ඩව විරෝධතා සතියක් පැවැත්වීමට බව වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්‌ මහතා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලනඥයින් වර්තමාන අර්බුදය සහ ජනතා ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම්, සියලු ආගමික නායකයින්, වෘත්තිකයන් සහ ජනතාව සමග එක්ව සියලුම අසමත් දේශපාලනඥයින්ට එරෙහිව ඇති විරෝධය තව දුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියාසිටී.

එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන්‌ ජයලාල්‌ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ඉවත්‌ වන තෙක්‌ විරෝධනාවල නිරතවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here