Home උණුසුම් පුවත් මුහුදු ගිය අය වහාම ආපසු එන්න -හදිසි අනතුරු ඇඟවීමක්

මුහුදු ගිය අය වහාම ආපසු එන්න -හදිසි අනතුරු ඇඟවීමක්

මුහුදු ගිය අය වහාම ආපසු එන්න -හදිසි අනතුරු ඇඟවීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත වහාම පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම ප්‍රදේශ සඳහා කාලගුණ දෙපාර්තමේනතුවෙන් රතු නිවේදනයක් නිකුත් කරමින් ධීවර සහ නාවික ප්‍රජාවට අවධාරණය කර සිටින්නේ යළි දැනුම් දෙන තුරු නැගෙනහිර මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙසයි.

දකුණු අන්දමන් මුහුද සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතී.

ඉදිරි පැය කිහිපය තුලදී අඩු පීඩන කලාපය වයඹ දෙසට ගමන් ගන්නා අතර බෙංගාල මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බෙංගාලයේ සිට නැගෙනහිර-මධ්‍යම බොක්ක හරහා සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බැවින් මේ පිළිබද දැඩිලෙස විමසිලිමත්වන ලෙස ධීවර හා නාවික ප්‍රජාව දැනුවත් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here