Home උණුසුම් පුවත් ආහාර- ගෑස්- ඖෂධ ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මි.600ක්

ආහාර- ගෑස්- ඖෂධ ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මි.600ක්

ආහාර- ගෑස්- ඖෂධ ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මි.600ක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කරයි.

ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය පැවසුවාය.

ලෝක බැංකුවේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී චියෝ කැන්ඩා මහත්මිය මේ බව සඳහන් කළාය.

ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබා දීමට නියමිත ය.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබා දෙන බව ද ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ.

ලෝක බැංකුවේ මෙරට උපදේශක හුසාම් අබුඩාගා, මානව සංවර්ධන ප්‍රධානි රෙනේ සොලානෝ, මුදල් අමාත්‍ය අලි සබ්රි, වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එච්. ඩබ්ලිව්. ඒ. කුමාරසිරි යන මහත්වරු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here