Home උණුසුම් පුවත් පියල් – ලොහාන්ගේ රාජ්‍ය ඇමතිකම් ගැන නිවේදනයක්

පියල් – ලොහාන්ගේ රාජ්‍ය ඇමතිකම් ගැන නිවේදනයක්

පියල් – ලොහාන්ගේ රාජ්‍ය ඇමතිකම් ගැන නිවේදනයක්

පියල් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ මහත්වරුන් පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරවල තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මෙම රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව එමගින් දන්වා තිබේ.

ඒ අනුව, ලොහාන් රත්වත්තේ මහතා දැරූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය ද, පියල් නිශාන්ත ද සිල්වා මහතා දැරූ කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ධුරය ද තවදුරටත් බලාත්මක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here