Home උණුසුම් පුවත් පාස්කු වාර්තාවේ ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 78ක් හඳුනා ගනී – ඇමති අනු කමිටු වාර්තාව ජනපතිට

පාස්කු වාර්තාවේ ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 78ක් හඳුනා ගනී – ඇමති අනු කමිටු වාර්තාව ජනපතිට

පාස්කු වාර්තාවේ ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 78ක් හඳුනා ගනී – ඇමති අනු කමිටු වාර්තාව ජනපතිට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ.

එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න පිළිබඳ සදහන් වාර්තාව කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු කමිටු සාමාජිකයන් විසින් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය.

2021 පෙබරවාරි මස 19 වන දින කමිටුව පත් කරනු ලැබිණ.

කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.

නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here