Home දේශීය පුවත් GOSSIP චමුදිතගේ නිවසට පහරදීම ගැන අහන්න කැදවූ හිටපු රූ රැජින පොලීසිය මඟහරී

චමුදිතගේ නිවසට පහරදීම ගැන අහන්න කැදවූ හිටපු රූ රැජින පොලීසිය මඟහරී

0
චමුදිතගේ නිවසට පහරදීම ගැන අහන්න කැදවූ හිටපු රූ රැජින පොලීසිය මඟහරී

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක ලබා ගැනීමට හිටපු විවහාක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියව පිළියන්දල පොලීසිය හමුවට අද කැදවා තිබුණද ඇය පොලීසිය හමුවේ පෙනී සිට නැත.

උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ ඇය පොලීසිය මඟ හරින්නේ නම් අධිකරණ නියෝගයකින් පොලීසියට කැදවීමට පියවර ගන්නා බවය.

චමුදිත සමරවික්‍රම මහතා ඔහුට අයත් යූ-ටියුබ් නාලිකාව ඔස්සේ සිදුකල ආන්දෝලනාත්මක සාකච්ඡා කිහිපයකට සම්බන්ධ වූවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමක් සිදුවන බවත් ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මිය කැදවූ බවත් එම නිලධාරියා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here