Home උණුසුම් පුවත් සෞඛ්‍ය වෘත්තියවේදීන් රෝහල අතහැර මහ පාරට

සෞඛ්‍ය වෘත්තියවේදීන් රෝහල අතහැර මහ පාරට

සෞඛ්‍ය වෘත්තියවේදීන් රෝහල අතහැර මහ පාරට

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය විසින් අද දිනයේ රට පුරා වර්ජනයක නිරත වූ අතර කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වීය.

දිවයින පුරා රෝහල් රැසක හෙද හෙදියන්, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ දෙවැනි දිනටයි.

වැටුප් විෂමතා ඉවත් කිරීම සහ උසස් වීම් නිවැරිදිව ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරිණි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට වෘත්තිය සමිති 17 ක් එක්ව සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here