fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPපුෂ්පිකාගේ කිරුළ ආයෙත් ගැලවෙයි

    පුෂ්පිකාගේ කිරුළ ආයෙත් ගැලවෙයි

    පසුගියදා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජිණ තරගයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා දරන ලෝක විවාහක රූ රැජිණ සඳහා වන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ-2021 නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට එම සංවිධාන කමිටුවේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ පියවර ගෙන තිබේ.

    ලෝක විවාහක රූ රැජිණ සඳහා වන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නිල සමාජ ජාල ගිණුම් මගින් මේ බව ජාතික අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කර ඇත.

    ඒ අනුව අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි පුෂ්පිකා ද සිල්වා හට තිබූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීම වාරණය වේ.

    ලෝක විවාහක රූ රැජින තරගයට පසුගියදා ගිය පුෂ්පිකා එහි අවසන් 6 දෙනා අතරට පැමිණි නමුත් තමා 4 වැනි ස්ථානයට ආ බව ඇය සිය සමාජ ජාලවල පවසා තිබුණි.

    එහෙත් පසුව ලෝක විවාහක රූ රැජිණ කමිටුවේ සාමාජිකයයකු විසින් එය වැරදි බවත් නිවැරදි කරන ලෙසත් සටහන් තබා තිබූණි.

    එවැන්නක් නොකළ පුෂ්පිකා ද සිල්වා යූටියුබ් නාළිකා සම්මුඛ සාකච්ඡා මගින් ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහට හා මෙරට පළමු විවාහක රූ රැජිණ වන, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියටත් චෝදනා එල්ල කරමින් පවසා තිබුණේ තමාට හිමි ලෝක කිරුළ ගැලවීමට ඔවුන් යම් යම් කුමන්ත්‍රණය කළ බවට තමා සැකකරන බවයි.

    කිරුළට සුදුසු බවට තමාට ඡන්දය දුන් බවට ලෝක විවාහක රූ රැජිණ කමිටුවේ විනිශ්චය මණ්ඩලය ද පැවසූ බවත් ලකුණු සටහන ඇය දුටු බවත් ඇය එම සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවාය.

    කෙසේවෙතත් ඇයගේ ලෝක විවාහක රෑ රැජිණ තරගය පිළිබඳ කළ ප්‍රකාශවලට අදාළව ඇයට එරෙහිව රෝසි සේනානායක මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් නීති ක්‍රියාමාර්ගවලට යොමුවිය.

    පුෂ්පිකාද සිල්වා ලෝක විවාහක රූ රැජිණ සඳහා වන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ-2021 අවසන් තරගයේදී තේරී පත්වු විට පසුගිය වසර් ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරැළු දරා සිටි කැරොලයින් ජූරි විසින් එම කිරුළ ගලවා 2nd runner up වෙත පැළැන්ඳුවේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද බැවින් විවාහක කිරුළට නුසුදුසු බව පවසමිනි.

    කෙසේවෙතත් පසුව යළිත් පුෂ්පිකාටම එම කිරුළ හිමිවූ‍යේ එය ගැටලුවක් නොවන බවට සංවිධායකයින් තීරණය කිරීම නිසයි.

    කෙසේවෙතත් එම සිදුවීම ලොව පුරා ආන්දෝලනයට තුඩු දුන් අතර පසුව නීතිමගට ද එම පාර්ශ්ව යොමුව තිබුණි.

    එහි ප්‍රතිඵලය වූයේ රෝසි සේනානායක මෙරටට ගෙනා ලෝක විවාහක රූ රැජිණ කිරුළ දශක 3කට අධික කාලයකට පසුව යළි ගෙන ආ කැරොලයින් ජූරි තමා විසින්ම එම කිරුළ අත්හැරීමට තීරණය කිරීමය.

    ඉන්පසුව ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට අහිමි විය.

    කෙසේවෙතත් දෙවන වරටත් පුෂ්පිකාට අහිමි වන මෙම කිරුළ ඉවත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.