Home උණුසුම් පුවත් වන්දනාවේ ගිය බසයක් පදියතලාවේදී පෙරළෙයි – 17ක් රෝහලට

වන්දනාවේ ගිය බසයක් පදියතලාවේදී පෙරළෙයි – 17ක් රෝහලට

වන්දනාවේ ගිය බසයක් පදියතලාවේදී පෙරළෙයි – 17ක් රෝහලට

පදියතලාව ගල්ඕඩය පාලම අසලදී බස් රථයක් බෑවුමකට පෙරලීමෙන් මගීන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

කිලිනොච්චියේ සිට කතරගම බලා ධාවනය වූ වන්දනා නඩයක් රැගත් බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මෙලෙස පෙරළී ඇති බව සඳහන් ය.

තුවාල ලැබූ මගීන් මහඔය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම බස්රථය අද අලුයම 02.30 ට පමණ අධික වර්ෂාව මධ්‍යයේ ධාවනය කරමින් සිටියදී රියදුරුට මාර්ගය නිවැරැදිව පෙනී නොයාම හේතුවෙන් මෙම ප්‍රපාතයට ඇදවැටී ඇති බවද පොලීසිය සදහන් කරයි.

බස් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇත.

අනතුරු සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරුවරයාද ඇතුලත්ව පුද්ගලයින් 47 දෙනෙක් ගමන්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here