Home උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට අධිචෝදනා

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට අධිචෝදනා

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට අධිචෝදනා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 24 දෙනාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදී තිබේ.

නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර්, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු 25 දෙනෙකු නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

නඩු විභාගය නැවත නොවැම්බර් මස 23 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

දමිත් තොටවත්ත අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන හමුවේ අදාළ නඩුව අද (04) පෙරවරුවේ කැඳවා තිබුණි.

එක් විත්තිකරුවෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

2019 වසරේ පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම, මිනී මැරීම, බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here