Home උණුසුම් පුවත් අ’පුර බන්ධනාගාර සිදුවීම නින්දිතයි – රාජ්‍ය ඇමතිව ඉවත් කරන්න – විපක්ෂ නායක ඉල්ලයි

අ’පුර බන්ධනාගාර සිදුවීම නින්දිතයි – රාජ්‍ය ඇමතිව ඉවත් කරන්න – විපක්ෂ නායක ඉල්ලයි

අ’පුර බන්ධනාගාර සිදුවීම නින්දිතයි – රාජ්‍ය ඇමතිව ඉවත් කරන්න – විපක්ෂ නායක ඉල්ලයි

අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රාජ්‍ය ඇමතිවරයකු විසින් පසුගියදා සිදුවූ බව කියන අනිසි හැසිරීම තමා තරයේ හෙලාදකින බවත් ඔහු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී.

“අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකිමි. මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබයි.

අපේ මාතෘ භූමියේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටී. මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි.

මෙම අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.” යැයි ද විපක්ෂ නායකවරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here