Home උණුසුම් පුවත් කබ්රාල් අස්වෙයි – කැටගොඩ යළි එයි

කබ්රාල් අස්වෙයි – කැටගොඩ යළි එයි

කබ්රාල් අස්වෙයි – කැටගොඩ යළි එයි

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන්නේය.

ඉල්ලා අස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කබ්රාල් මහතා කියාසිටියේ හෙට දිනයේදී ජනාධිපතිවරයා අතින් මහබැංකු අධිපතිවරයා ලෙස පත්වීම ලැබීමෙන් පසුව ලබන 15 වැනිදා ඔහු එහි වැඩ භාරගන්නා බවයි.

මහබැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව රටේ මූල්‍ය ස්ථායිතාව, ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ මූලික අවධානය ‍යොමු කිරීම තම මූලික අරමුණ බව ද හෙතෙම කීය.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩ පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here