Home COVID අවුරුදු 5ට වැඩි දරුවන්ටත් අමෙරිකාව එන්නත දීමේ සූදානමක්

අවුරුදු 5ට වැඩි දරුවන්ටත් අමෙරිකාව එන්නත දීමේ සූදානමක්

අවුරුදු 5ට වැඩි දරුවන්ටත් අමෙරිකාව එන්නත දීමේ සූදානමක්

ලබන ඔක්තෝබර් අවසානය වන විට වයස අවුරුදු 5-11 අතර ළමුන් සඳහා ෆයිසර් COVID-19 එන්නත ලබා දිය හැකි බව එක්සත් ජනපදයේ ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරීන් විශ්වාසය පළකරයි.

මෙම එන්නත් පිළිබඳ ඉහත වයස් ඛාණ්ඩය සඳහා වන සායනික අත්හදාබැලීම් සාක්ෂි ඕනෑතරම් දැනටත් පවතින නමුත් අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන (FDA) ආයතනය විසින් මෙය හදිසි භාවිතය සඳහා අනුමත කිරීමෙන් පසු දරුවන්ගේ භාවිතයට ගැනෙනු ඇත.

තවදුටරත් මෙම එන්නත දරුවන්ට සුදුසුදැයි බලා මේ මස අවසානයේදී අදාළ අවසරය ලැබෙනු ඇති බව සදහන් ය.

මෙම ආරංචිය දෙස වඩාත්ම ඇසගසාගෙන සිටින්නේ ඩෙල්ටා රැල්ලේ ව්‍යාප්තිය මධ්‍යයේත් පාසල් යාමට සිදුවන දරුවන් හා ඔවුන්ගේ මාපියන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here