Home COVID ඇඳිරිනීතිය දීර්ඝ කිරීමේ තීරණය හෙට

ඇඳිරිනීතිය දීර්ඝ කිරීමේ තීරණය හෙට

ඇඳිරිනීතිය දීර්ඝ කිරීමේ තීරණය හෙට

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා (06) දින සිට දීර්ඝ කිරීම පිළිබඳ හෙට (03) දිනයේදී කොවිඩ් -19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තීරණය කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ COVID රෝග පාලන රාජ්‍ය ඇමතිනි ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද කියාසිටියේ දිවයින පුරා දැනට පවතින අගුලු දැමීම තවත් සති 2 කින් දීර්ඝ කළ යුතු බවයි.

අගෝස්තු 20 දින පනවා තිබූ දින 10 ක අගුලු දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත පසුව සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබුණේ දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙසයි.

විශේෂඥ කණ්ඩායම කියා සිටියේ මෙය ක්‍රියාත්මක කළහොත් මාරාන්තික COVID-19 වසංගතයෙන් ජීවිත දහස් ගණනක් බේරා ගත හැකි බවයි.

අගෝස්තු 31 න් පසු අගුලු දැමීම දීර්ඝ කිරීමෙන් COVID-19 මරණ අඩු වනු ඇතැයි විශේෂඥයෝ පවසති.

අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව ද පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here