Home උණුසුම් පුවත් ආනයනික හාල්මැස්සන්-කරවලවලට අලුත් බද්දක් දැම්මේ නෑ

ආනයනික හාල්මැස්සන්-කරවලවලට අලුත් බද්දක් දැම්මේ නෑ

ආනයනික හාල්මැස්සන්-කරවලවලට අලුත් බද්දක් දැම්මේ නෑ

හාල්මැස්සන් හෝ කරවල මත ඊයේ(13) දිනයේ සිට නව බදු ගැසට් පත්‍රයකින් වැඩි කර නොමැති බව විසිතුරු මත්ස්‍ය, අභ්‍යන්තර මත්ස්‍ය හා ඉස්සන් ගොවිපල, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෙම බදු මීට මාස 6කට පෙර වැඩි කරන ලද බදු ප්‍රමාණයම තව දුරටත් අඛණ්ඩව ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට රටේ නීතිය අනුව ගැසට් පත්‍රයකින් දීර්ඝ කිරීමක් පමණක් බව හෙතෙම අවධාරණය කර සිටී.

මාස 6කට පෙර ආනයනික මත්ස්‍ය තොග මත බද්ද රපියල් 25 සිට 200ක් ලෙසත්, ආනයනික කරවල සහ හාල්මැස්සන් රුපියල් 100ක් ලෙසත්, ආනයනික ටින් මාළු කිලෝ එක රුපියල් 100ක් (450g ටින් එකක් 42.50ක්) ලෙසත් සහ ආනයනික උම්බලකඩ රුපියල් 300ක් ලෙසත් බදු වැඩි කිරීමට පියවර ගෙන තිබුණි.

එම වැඩි කල බදු ප්‍රමාණයන් අඛණ්ඩව ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත් තීරණය කරන ලද්දේ දේශීය ධීවර කර්මාන්තකරුවන් සහ දේශීය නිෂ්පාදන ආරක්ෂා කරගිනිමින් කටයුතු කිරීමට ධීවර අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යංශයෙන් සිදු කරන ලද ඉල්ලීමක් අනුව බව ද හෙතෙම අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here