Home දේශීය පුවත් පොලිස් වෙසින් කප්පම් ගන්න හැදූ සිව් දෙනෙකුට කසිප්පුකාරයෝ පහරදී පොලීසියට භාරදෙයි

පොලිස් වෙසින් කප්පම් ගන්න හැදූ සිව් දෙනෙකුට කසිප්පුකාරයෝ පහරදී පොලීසියට භාරදෙයි

0
පොලිස් වෙසින් කප්පම් ගන්න හැදූ සිව් දෙනෙකුට කසිප්පුකාරයෝ පහරදී පොලීසියට භාරදෙයි

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මොරගහහේනේ වැල්මිල්ලේ නීති විරෝධී මත්පැන් ඡාවාරමට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට ගොස් මුදල් එකතුකරන්නට උත්සහගත් පුද්ගලයින් සිව් දෙනෙකු ගස්බැද ඊයේ පොලීසියට භාරදී ඇත.

එම පුද්ගලයින් සිව් දෙනා නීති විරෝධි ජාවාරම්වල නිරතව සිටින පුද්ගලයින්ගේ නිවෙස්වලට ගොස් පොලීසියෙන් බව කියමින් මුදල් රැස්කිරීම්වල පුරුද්දක් ලෙස නිරතව සිටින්නන් බව හෙළිවී තිබේ.

ගල්කිස්ස, කටුබැද්ද, පිළියන්දල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල ඔවුන් පදිංචිකරුවන් බවද පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here