තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිරෝධායන මධ්‍යස්ථානයේ ඔන්ලයින් විරෝධතාවක්

    නිරෝධායන මධ්‍යස්ථානයේ ඔන්ලයින් විරෝධතාවක්

    නිරෝධායන නීති උල්ලංගනය කරමින් විරෝධතා පැවැත්වීමට හේතුවෙන් අත්අඩංගුවට ‌ගෙන ඇප මත මුදාහැරීමෙන් පසු මඩකළපුව ගුවන් හමුදා කදවුරක නිරෝධායනයට යොමුකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිස එම කඳවුරේ සිට ඔන්ලයින් විරෝධතාවයක නිරත වී තිබේ.

    ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමිනි.

    කොතලාවල පනත වහා ඉරා දමන ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වා තිබූ අතර මාධ්‍ය සාකච්ඡාවක් එහිදී පැවැත්වුණේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සමාජ මාධ්‍ය, මාධ්‍ය ආයතනවලට ලබාදෙමිනි.

    නිරෝධායන නීති උපයෝගි කරගනිමින් තමන්ව අසාධාරණ ලෙස මෙලෙස සිරගත කර තැබූවද කොතලාවල පනතට එරෙහිව නගන විරෝධය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔවුහු එහිදී සඳහන් කළහ.

    ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන්, ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් හා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් යන අය මෙහිදී අදහස් දක්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img