Home උණුසුම් පුවත් අපේ උරුමය විනාශ කරන්න කාටවත් ඉඩදෙන්නේ නෑ – අගමැති

අපේ උරුමය විනාශ කරන්න කාටවත් ඉඩදෙන්නේ නෑ – අගමැති

අපේ උරුමය විනාශ කරන්න කාටවත් ඉඩදෙන්නේ නෑ – අගමැති

අපේ රටේ උරුමය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඔහු මේ අදහස් පළ කළේ, 131 වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට එක්වෙමිනි.

ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙල පැවැත්වුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී සෝමාවතිය සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කෙරුණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය www.archaeology.gov.lk අන්තර්ජාලයට එක් කිරීම ද මෙහි දී සිදු කෙරිණි.

“අපේ ජනාධිපතිතුමත්, පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගන්න දිවා රෑ වෙහෙසෙන නායකයෙක්. එතුමා ඒ ස්ථානවලට ගිහිල්ලා ඒ තැන් විනාශ වෙන එක වළක්වන්න පියවර ගත්තා. ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් පවා අද පිහිටුවලා තිබෙනවා. ඒ අනුව තමයි මුහුදු මහා විහාරය වගේ රැකගත යුතු භූමිය අද මේ තරමින්වත් ආරක්ෂා වෙලා තියෙන්නේ. එම ඓතිහාසික ස්ථාන ජාතික උරුමයන්. ඒක එක ජාතියකට එක ආගමකට උරුමවෙච්ච දේවල් නෙමෙයි. මේ රටේ උරුමය. ඒ නිසා මේ තැන් ආරක්ෂා කරද්දි ජාති ආගම් ජනවර්ග කියලා බෙදීම් ඇතිකර ගත යුතු නැහැ. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්න කවුරුහරි පියවර ගන්නවා නම් ඒ අයට එරෙහිව දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම් ප්‍රමාණවත් නැත්නම් ඉදිරියේ දී ඒ පනත් සංශෝධනය කිරීමට අපට හැකියාව තිබෙනවා.” යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here