Home COVID ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවෙන් මාස 11කට පසුව දෙවන මාත්‍රාව ගැනීම වඩා ප්‍රතිඵලදායකයි

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවෙන් මාස 11කට පසුව දෙවන මාත්‍රාව ගැනීම වඩා ප්‍රතිඵලදායකයි

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවෙන් මාස 11කට පසුව දෙවන මාත්‍රාව ගැනීම වඩා ප්‍රතිඵලදායකයි

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාවෙන් සති 45ක කාලයකට පසු දෙවන හෝ තෙවන මාත්‍රාවන් ලබාදීම මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වැඩි දියුණු කරන බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබේ.

දෙවන මාත්‍රාවෙන් මාස 6 කට වඩා වැඩි කාලයකට පසුව තුන්වන මාත්‍රාව ලබාදුනහොත් ප්‍රතිදේහ සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හේතු වන බව ද එමගින් අනාවරණය වී ඇත.

එමෙන්ම එමගින් SARS-CoV-2 වයිරස ප්‍රභේදවලට එරෙහිව ද ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයට ප්‍රබල තල්ලුවක් ලබා දෙන බව තහවුරු වී තිබේ.

COVID-19 එන්නත් සැපයුම් හිඟයත් සමහර රටවල එන්නත් ලබා ගැනීමේ හැකියාව සීමිත වීමත් නිසා පළමු හා දෙවන මාත්‍රාව අතර පරතරය දීර්ඝ වන බැවින් ප්‍රතිශක්තීකරණ ප්‍රතිශක්තිය පිළිබඳව විශේෂඥයන් නිරන්තරයෙන් සැලකිලිමත් වේ. එම නිසා ඒ පිළිබද යළි යළිත් පර්යේෂණවල නියැලීම සිදුවන්නකි.

මෙම අධ්‍යයනයට සහභාගිවන්නන්ගේ පළමු හා දෙවන මාත්‍රා අතර සති 45 ක් දක්වා ප්‍රමාදයක් සිදුකර එහි ප්‍රතිඵල පරීක්ෂා කිරීමේදී, ප්‍රතිඵල මගින් දක්නට ලැබී ඇත්තේ ප්‍රමාද වූ දෙවන මාත්‍රාවෙන් පසුව ප්‍රතිදේහ මට්ටම් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැඩි වී ඇති බවයි.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත පිළිබඳ අත්හදා බැලීමේ ප්‍රධාන විමර්ශක, ළමා රෝග හා ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩෲ පොලාර්ඩ් පවසන්නේ එන්නත අඩුවී සැපයුම් හිඟවූ රටවලට මෙය සැනසිලිදායක ප්‍රවෘත්තියක් වන බවයි. පළමු මාත්‍රාවට වඩා මාස 10කින් පසු දෙවන මාත්‍රාව ගත්තත් විශිෂ්ට ලෙස ප්‍රතිශක්තිකරණ මට්ටම ප්‍රතිචාර දක්වන බව හෙතෙම අවධාරණය කර ඇත.

එන්නතෙහි අතුරු ආබාධ ද අවම බව මෙහිදී සොයා ගන්නා ලදී. පළමු මාත්‍රාවලට වඩා දෙවන හා තෙවන මාත්‍රාවලින් පසු අතුරු ආබාධ අවම වන බව මෙම අධ්‍යයනයන් සඳහා කටයුතු කරන සහකාර මහාචාර්ය තෙරේසා ලැම්බේ පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here