අන්තර් ජාලය ඔස්සේ පළකර තිබුණු දැන්වීමකට අනුව 15 හැවරදි දැරියක් මිලදීගෙන ලිංගිකව එක්වූ තවත් පුද්ගලයින් 25 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ළමා හා කාන්තා අපයෝජව නිවාරණ කාර්යාංශයේ තොරතුරු අනාවරණය කළේය.
එසේ අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් අතර වෛද්‍යවරයෙක් සහ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක්ම සිටින බව සදහන්ය.
මෙම දැරිවිය මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ඒ අතර ඇගේ මව , අනියම් පුරුෂයා, අනියම් පුරුෂයාගේ බිරිද , දැරිවිය මුදලට විකිණීමට දැන්වීම සකස්කළ පුද්ගලයා, දැරිවිය ඇණවුම් කළ පුද්ගලයින් වෙත ඇයව රැගෙන ගිය රියදුරන් දෙදෙනෙක්ද සිටින බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.
අන්තර් ජාලයේ දැන්වීමට අනුව දැරිවිය මිලදී ගෙන ඇය සමග සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද, හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රකට ව්‍යාපාරිකයෙක්ද, නෞකාවක කපිතාන්වරයෙක්ද ඇතුළු පිරිසක් සිටින බවද පොලිස් තොරතුරු සදහන් කළේය.
එසේම එම දැරිවිය අලෙවි කිරීම සදහා එම දැන්වීම පළකළ අන්තර්ජාල වෙබ් අඩවියේ හිමිකරුද ඊයේ (03) අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය. ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයේ නිලධාරීන්ගෙන් සහය ලැබී තිබේ. අත්අඩංගුවටගත් එම සැකකරු 45 වියැති පානදුර නන්ලූරුවේ පදිංචිකරුවෙක් බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
එම වෙඩ් අඩවියේ මුදල් පාලකවරයා ලෙස කටයුතු කළ පිළියන්දල මාවිත්තර අළුබෝලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු ද ඊයේ අත්අඩංගුවට ගත් බවද අජිත් රෝහණ මහතා කීය.