Home උණුසුම් පුවත් ටික්ටොක් ස්ටුඩියෝ ළඟ කඩු හරඹයට 14ක් ඇවිත් (CCTV)

ටික්ටොක් ස්ටුඩියෝ ළඟ කඩු හරඹයට 14ක් ඇවිත් (CCTV)

ටික්ටොක් ස්ටුඩියෝ ළඟ කඩු හරඹයට 14ක් ඇවිත් (CCTV)

යාපනය,කෝපායි සෙල්වපුරම් ප්‍රදේශයේදී යතුරුපැදිවලින් කඩු රැගෙන පැමිණ අත් පා කපාදමමින් සිදුවු පහරදීම සඳහා යතුරු පැදිකරුවන් 14දෙනෙකු පමණ පැමිණ ඇතැයි අනාවරණය වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (30) රාත්‍රී 8.30ත් 9.30ත් අතර එම පහරදීම සිදුව ඇති බවය.

පහරදීමෙන් පුද්ගලයින් 7දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

යතුරුපැදිවලින් පැමිණි පිරිස අදාළ පුද්ගලයින්ට තුවාල සිදුකර පළාගොස් ඇත.

එම සිදුවීම විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පහරදීම සිදුකළ ස්ථානයේ “ටික් ටොක් ස්ටුඩියෝ” නමින් ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here