තවත්
    මුල් පිටුවCOVIDකොරෝනාවෙන් මියගිය එකම පවුලේ තිදෙනා ගැන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පරීක්ෂණ අරඹයි

    කොරෝනාවෙන් මියගිය එකම පවුලේ තිදෙනා ගැන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පරීක්ෂණ අරඹයි

    අංජනා මල්ලවාරච්චි

    කොරෝනා ආසාදිත එකම පවුලේ තිදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය.

    එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විශේෂ පරීක්ෂණය පරීක්ෂණයෙන් පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත වාර්තාවක් ලබාදෙන බවද ඔහු කීය.

    මහනුවර ඉලුක්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වියපත් යුවලක් සහ ඔහුගේ පුත්‍රයා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබිණි

    ඔවුන්ගේ මියයාමෙන් පසුව පුත්‍රයාගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා, සමීපතම ඥාතීන් පිරිසකුත් මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img