තවත්
    මුල් පිටුවදේශීය පුවත්අන්තර් ජාලයේ දැන්වීම් දමා 15 හැවරදි දියණිය ගණිකාවක් කළ මවක්

    අන්තර් ජාලයේ දැන්වීම් දමා 15 හැවරදි දියණිය ගණිකාවක් කළ මවක්

    අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළකර 15 හැවරදි සිය දියණියව ගණිකාවක් ලෙස අලෙවිකළ මවක් සමග පුද්ගලයින් 18 දෙනෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක්ද චීවරධාරයෙක්ද අත්අඩංගුවට ගත් අය අතර සිටින බව සදහන්ය.

    මෙම දැරිවියව අලෙවිකර ඇත්තේ රුපියල් 10,000 ත් 30,000 ත් තර මිල ගණන් වලටය. අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයින් සහ චීවරධාරියා දැරිවියගෙන් සේවා ලබාගත් අය බව ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය සදහන් කරයි.

    අන්තර් ජාලයේ දැන්වීමට අනුව ඇමතුම් දෙන පුද්ගලයින් ඇයව රැගෙන ගිය ත්‍රී රෝද රථ රියදුරෙක්, මෝටර් රථ රියදුරෙක්, ඇගේ දැන්වීම සකස්කර අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කිරීමට සම්බන්ධ වූ පුද්ගලයෙක්ද අත්අඩංගුවටගත් අය අතර සිටිති.

    මෙම දැරිවිය මුලින්ම දූෂණයට ලක්කර ඇත්තේ ඇගේ පියා විසින් බවටද තොරතුරු විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    මල්වානේ පදිංචිව සිටි ඇයත් මවත් ගල්කිස්සේ කුළී නිවසකට පැමිණ ඇති බවත් ඇයව මේ ආකාරයට සිය මව සමග එක්ව මුදලට අලෙවිකර ඇත්තේ මවගේ අනියම් සැමියා විසින් බවටත් තොරතුරු විමර්ශන වලින් හෙළිවී තිබේ. එම පුද්ගලයා කිරිබත්ගොඩ පදිංචිකරුවෙකි.

    ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකටඅනුව ඉකුත් 07 වෙනිදා එම කුළී නිවස වටලා දැරිවිය පොලිස් භාරයට ගෙන ඇගේ තොරතුරු මත කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි. පසුව එහි වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයට පොලිස්පති නියමයෙන් භාරදී ඇත.

    එම දැරිවියගේ මවද මුදලට විකිණෙන කාන්තාවක් බව මෙන්ම ඇයත් විවිධෙ පුද්ගලයින් වෙත ඉහළ මිල ගණන් වලට අලෙවි වී තිබෙන බව ද ගල්කිස්ස පොලීසිය විසින් මූලික විමර්ශනවලදී හෙළිකරගෙන
    තිබුණි.

    දැරියව මුදලට මිලදී ගත් තවත් විශාල පිරිසක් ගැන තොරතුරු හෙළිවන බවත් ඒ අයවද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බවත් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img