Home COVID කොවිඩ් අස්සේ ‘සිපගැනීමක්’ නිසා එංගලන්ත සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

කොවිඩ් අස්සේ ‘සිපගැනීමක්’ නිසා එංගලන්ත සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

කොවිඩ් අස්සේ ‘සිපගැනීමක්’ නිසා එංගලන්ත සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

කොවිඩ් ‍වයිරසය පැතිරෙන මේ දිනවල සිදුකළ ආන්දෝලනාත්මක ‘සිපගැනීමක්’ හේතුවෙන් එංගලන්තයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ රජයේ මෙන්ම සියලු පාර්ශ්වවලින් ඉල්ලා අස්වන ලෙස එල්ල වූ බලපෑම් හමුවේයි. හිටපු චාන්සලර් සජිඩ් ජාවිඩ් නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස තහවුරු කර ඇත.

තමා සමග සේවය කරන කාන්තාවක සිපගැනීමේ සිද්ධියක සීසීටීවී දර්ශන පට අනාවරණය වීමෙන් පසු සමාජ දුරස්ථභාවය උල්ලංඝනය කිරීමේ වරද මැට් හැන්කොක් මත පැටවිණ.

අගමැතිවරයාට ලිපියක් යවමින් ඔහු කියා සිටියේ, “මෙම වසංගතයේදී මෙතරම් කැපකිරීම් කළ පුද්ගලයින්ට අපි ණයගැති වූ විට අවංකව කටයුතු කිරීමට රජය බැඳී සිටින” බවයි.

අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ මෙම ඉල්ලා අස්වීම බාරගැනීමට සිදුවීම ගැන තමන් කණගාටු වන බවයි.

විවාහ වී දරුවන් තිදෙනෙකු සිටින හැන්කොක් සහ මිලියනපතියකු සමග විවාහ වී සිටින ජිනා කොලඩන්ජෙලෝ යන දෙදෙනාගේ පින්තූර ද සන් පුවත්පත විසින් හෙළිකිරීමෙන් පසු හැන්කොක් මහතා ඉවත්ව යන ලෙස දැඩි පීඩනයකට ලක්ව සිටියේය. මැයි 6 වන දින මෙම සිපගැනීමේ සිදුවීය වී තිබුණේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ වන අතර ඒ දැඩිව සමාජ දුරස්ථභාවය පනවා තිබූ අවධියක ය.

මැට් සහ ජීනා වසර 20ක පමණ සිට සමීප මිතුරන් වන අතර කලක් තිස්සේ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් ද තිබී ඇත.

හැන්කොක් මහතා සිය බිරිඳ මාර්තා සමඟ වසර 15 ක විවාහය ද අවසන් කර ඇති බව පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබේ.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිට හැන්කොක් සමඟ මිතුරියක වූ ජිනා පසුගිය වසරේදී එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ‍ගෙනැවිත් තිබුණේ වැටුප් නොගෙවන උපදේශකයෙකු ලෙසය. පසුව දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්‍යක්ෂකගේ වසරකට ඩොලර් 15,000 ක භූමිකාවක් ලබා දීමට කටයුතු කොට තිබුණු නමුත් ඇය තනතුරු ලැයිස්තුවේ නොසිටි බවට ද අනාවරණය වී ඇත. මේ අනුව ඇයගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තනතුර ද මතභේදයට තුුඩු දී ඇත.

කෙසේවෙතත් ජිනා ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කළ සිය භූමිකාවෙන් ඉවත් විය.

‘මේ රටේ සෑම කෙනෙක් විසින්ම කැපකිරීම් සිදු කර ඇති බව මට තේරෙනවා. මේ නීති රීති සම්පාදනය කරන අප ද ඒවාට අනුගත විය යුතුයි. ඒ නිසයි මට ඉල්ලා අස්වීමට සිදුවුණේ.’ හැන්කොක් තනතුර අතහරිමින් අවසාන වශයෙන් කීවේ එයයි.

සිපගැනීමේ සිද්ධියේ අනේක් පාර්ශ්වකාරිය වූ ජිනා සිය සැමියා සමග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here