Home උණුසුම් පුවත් ගිනිගත් මෙසිනා නැවේ කාර්ය මණ්ඩලයේ අයෙක් අතුරුදන්

ගිනිගත් මෙසිනා නැවේ කාර්ය මණ්ඩලයේ අයෙක් අතුරුදන්

ගිනිගත් මෙසිනා නැවේ කාර්ය මණ්ඩලයේ අයෙක් අතුරුදන්

කිරින්ද මහාරාවණ ප්‍රදීපාගාරයට නුදුරු මුහුදේ එන්ජිම ගිනිගැනීමට ලක්වූ එම්එස්සී මෙසීනා නැමැති නෞකාවේ කාර්ය මණ්ඩලයේ එක් අයකු අතුරුදන් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.

එහි 28 දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිට ඇත. සෙසු අය ආරක්ෂිතව සිටින බව වාර්තා වේ.

වෙරළට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රාකරමින් ඇති මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගිනි ගැනීමක් සිදුව ඇතැයි නාවික හමුදාවට තොරතුරු ලැබී ඇති අතර ගින්න හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ ය.

එම්එස්සී මෙසීනා නැමැති එම නෞකාව ලයිබීරියා ධජය සහිතව යාත්‍රා කරයි.

අදාල නෞකාව ගින්න නිවීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් ගුවන් යානා සහ නෞකා පිටත් කර යැවූ බව එරට වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here