Home දේශීය පුවත් උණුසුම් පුවත් ශානිට අභියාචනාධිකරණයෙන් ඇප

ශානිට අභියාචනාධිකරණයෙන් ඇප

0
ශානිට අභියාචනාධිකරණයෙන් ඇප

රක්ෂිත බන්ධනාගාරගතකර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට අභියාචනාධිකරණය විසින් අද (16) ඇප නියමකර තිබේ

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීමේ චෝදනාවකට ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගනු ලබන්නේ ඉකුත් වසරේ ජූලි 31 වෙනිදාය.

අධිකරණයෙන් ඇප නොලැබීම හේතුවෙන් එදා සිට මේ දක්වා වසරකට ආසන්න කාලයක් ඒ මහතා සිටින්නේ රිමාණ්ඩ් සිරකරුවෙක් ලෙසිණි.

ශානි අබේසේකර මහතා සමග අත්අඩංගුවටගෙන ඔහු සමග මෙතෙක් කාලයක් බන්ධනාගාරගතකර සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්ටද මේ සමග ඇප නියමව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here