Home උණුසුම් පුවත් ගිලෙන නැවේ තෙල් කාන්දුවක්දැයි මීපා ආයතනයෙන් පරීක්ෂණ

ගිලෙන නැවේ තෙල් කාන්දුවක්දැයි මීපා ආයතනයෙන් පරීක්ෂණ

ගිලෙන නැවේ තෙල් කාන්දුවක්දැයි මීපා ආයතනයෙන් පරීක්ෂණ

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ගිනිගෙන මේ වනවිට ගිලෙමින් තිබෙන X–Press Pearl නෞකාවෙන් මේ වනවිට ඉන්ධන කාන්දුවක් සිදු වන්නේ ද යන්න පිළිබද පරීක්ෂණයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවත්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය සදුදා ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් ස්කයි නිව්ස් පවසා තිබුණේ මීටර් 100කට වැඩි දුර ප්‍රමාණයකට රීදි පැහැති තෙල් තට්ටුව පැතිරී පවතින බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලුණු ස්ථානයට ඊසාන දෙසින් තෙල් කාන්දුවක් දක්නට ඇති බව වාර්තා වේ.

මෙය මෙම නෞකාවට ඉන්ධන ලෙස යොදා ගත් තෙල් ද නැතහොත් ගිනිගැනීමෙන් පසු මතු වූ පැල්ලමක් දැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකෙරේ.

මේ අතර නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ආචාරය නාලක ගොඩහේවා මහතා අද, ගිනිගත් X – Press Pearl නෞකාව වෙත නිරීක්ෂණයක යෙදී තිබූ අතර ඔහු පවසන්නේ සියුම් දුමාරයක් පමණක් මිසක නැවෙහි තත්ත්වය ස්ථාවරය බවයි.

එවැනි තෙල් කාන්දුවක් පිළිබද කිසිවක් තහවුරු වී නොමැති බවට ඔහූගේ ප්‍රකාශයේ සටහන් විය.

xpress pearl-ship

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here