Home දේශීය පුවත් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් 05 හැවිරිදි දරුවා මිය යයි

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් 05 හැවිරිදි දරුවා මිය යයි

0

දකුණු කළුතර රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ලවූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිලිස්සුම් තුවාල ලබා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 05 හැවිරිදි දරුවෙක් ඊයේ (30) සවස මියගොස් ඇත.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකරනු ලැබුවේ පසුගිව 29 වෙනිදා රාත්‍රී කාලයේදීය.

මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවන විට නිවසේ සාලයේ රැදි සිටි මෙම දරුවා සහ 35 හැවිරිදි කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ. දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර ලැබීමටය.

පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ මෙම බෝම්බ ප්‍රහාරයට මුල මත්ද්‍රව්‍ය ආරවුලක් බවය.

දරුවාගේ මව විදේශගතව සිටින බව පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here