Home දේශීය පුවත් හොර නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවා රමක් දමනින් එළියට

හොර නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවා රමක් දමනින් එළියට

0

ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණයකර බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ දමන පොලිසිය ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙදෙනක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව සිටී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5,000 නෝට්ටුවක්, ව්‍යාජ 5,000 නෝට්ටු කිහිපයක්ම මුද්‍රණයකර ඇති ඒ 04 ප්‍රමාණයේ කඩදාසියක්, ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බව දමන පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකරුවන් අම්පාරේ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 18, 19 සහ 30 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here