Home දේශීය පුවත් ඝාතන තැතකට ජනපති ආරක්ෂකයෙක් ඇතුළු 05ක් අත් අඩංගුවට

ඝාතන තැතකට ජනපති ආරක්ෂකයෙක් ඇතුළු 05ක් අත් අඩංගුවට

0

කොබෙයිගගනේ යකඩපත ප්‍රදේයේදී පුද්ගලයින් දෙදෙනෙකුට පිහියකින් ඇන පහරදීමක් සම්බන්ධයෙන් ජනපති ආරක්ෂක කොට්ඨාශයේ සේව‍යේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු පස් දෙදෙනෙක් නිකවැරටික කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උසස් පොලිස් නිලධාරියෙක් අද සඳහන් කරනු ලැබුවේ පසුගිය 27 වෙනිදා අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් ඇප මත මුදා හැර ඇති බවය.

මෙම සිදුවීමට අදාලව ආරච්චිකට්ටු පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක්ද පසුගිය දෙසැම්බර් 19 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේම වැඩ තහනම් කිරීමට පොලිස් බලධාරීන් පියවර ගෙන ති‍බේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here