Home දේශීය පුවත් අලුත් අවුරුද්ද ලබන කොටම බීල රාජකාරිය මග හ ැරිය පොලිසියේ දෙන්නෙකුට වූ දේ

අලුත් අවුරුද්ද ලබන කොටම බීල රාජකාරිය මග හ ැරිය පොලිසියේ දෙන්නෙකුට වූ දේ

0

නව වසරේ මුල් දින රාජකාරි සඳහා වාර්තා නොකර බීමතින් තනිකඩ බට නිවාස වල රැදී සිටි පලාලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කන්කසන්තුරය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබේ.

එක් නිලධාරියෙකු සේවයේ යොදවා තිබී ඇත්තේ අලුත් අවුරුදු දින පලාලි පොලිස් ස්ථානයේ උප සේවා නිලධාරියා ලෙසිනි. අනෙත් නිලධාරියා යොදවා සිට ඇත්තේ පලාලි පොලිස් ස්ථානයට අනුයුක්තව ඇන්ටනීපුර පොලිස් මුරපොලේ රාජකාරි සඳහාය.

මෙම නිලධාරීණ් දෙදෙනාම සේවයට වාර්තා නොකර බීමතින් පලාලි පොලිස් ස්ථානයේ තනිකඩ භට නිවාසය තුළ රැදී සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම නිලධාරීන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට එදින යොමුකර බීමතින් ඔහු සිටි බව තහවුරුකරගෙන ඇත. ඒ අනුව ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here