Home දේශීය පුවත් මට්ටක්කුලියෙන් කුඩු ජාවාරමෙක් පැහැරගනී – කපා කොටා කෙසෙල්වත්තේ දමා යයි

මට්ටක්කුලියෙන් කුඩු ජාවාරමෙක් පැහැරගනී – කපා කොටා කෙසෙල්වත්තේ දමා යයි

0

සුළු වශයෙන් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින මට්ටක්කුලිය සමිට්පුර පදිංචි පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මන්නාවලින් කපාකොටා කෙසෙල්වත්තේ දමාගොස් තිබියදී හමුවූ බව පොලීසිය සඳහන් කරයි.

හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ අලුයම් කාලයේදී සමිත්පුර නිවාස සංකීර්ණයට ඇතුළු මෙම පුද්ගලයාව ත්‍රීරෝද රථයක නන්වාගෙන පැහැරගෙන ගොස් තිබේ.

අනතුරුව කෙසෙල්වත්ත ප්‍රදේශයට රැගෙන ගොස් පහරදී මන්නා වලින් කපා ඔහුව මහ මග දමාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

කැපුම් තුවාල සහිතව ලේ විලක් මැද සිටි ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය කියයි. විදේශගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව මෙම පහරදීම සිදුකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here