තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගොවීන්ට විකුණාගත නොහැකි එළවලු පලතුරු තොග රජය අරන් තෝරාගත් තැන්වලට නොමිලේ බෙදයි

    ගොවීන්ට විකුණාගත නොහැකි එළවලු පලතුරු තොග රජය අරන් තෝරාගත් තැන්වලට නොමිලේ බෙදයි

    කොවිඩ්‌ – 19 සංචරණ සීමා පවතින කාලසීමා තුළ ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවළු භා පළතුරු තොග රජය මගින්‌ මිලදී ගෙන ජීවනෝපාය අහිමි පවුල්වලට සහ තෝරාගත් රජය පවත්වාගෙන යන ස්ථාන කිහිපයකට නොමිලේ බෙදාහැරීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ අනුව එසේ මිලදී ගනු ලබන එළවළු භා පළතුරු ‘තොග සංචරණ සීමා අවසන්‌ වන තෙක්’ කොචිඩ්‌ ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලුම රජයේ රොහල්‌, ත්‍රිවිධ හමුදාවන්‌ හා අවතැන්‌ කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශාතාව පරිදි නොමිලේ ලබා දීමට වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට මෙලෙස රජය පියවර ගෙන ඇත.

    කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත්‌ කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය වීසින්‌ අනුමත කරන ලදී.

    රජය විසින්‌ දීපව්‍යාප්තව පනවන ලද සංචරණ සීමා හේතුවෙන්‌ සිය නිෂ්පාදිත විශේෂයෙන්‌, එළවළු සහ පළතුරු සාමාන්‍ය පරිදි ප්‍රවාහනය කිරීමට හා වෙළඳාම්‌ කිරීමට නොහැකි වීම මත විනාශ වීම හේතුවෙන්‌ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්‌ මෙන්ම මහා පරිමාණ ගොවීන්‌ ද විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව පෙනී ගොස්‌ ඇතැයි රජය කියයි.

    තවද, පාරිභෝගිකයා ද සාධාරණ මිලකට සුදුසු එළවළු හා පළතුරු හිග වීමේ ගැටළුවකට මුහුණ දී සිටී.

    ඒ අනුව, සංචරණ සීමා පවතින අවස්ථාවලදී අලෙවි කරගත නොහැකිව පවතින එළවළු හා පළතුරු තොග දිස්ත්‍රික්‌ මිල කමිටුවේ මීල ගණන්‌ යටතේ දිස්ත්‍රික්‌ ලේකම්වරුන්‌/දිසාපතිවරුන්‌ මඟින්‌ මිලදී ගැනීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img