Home උණුසුම් පුවත් ඉල්ලා අස්වූ ‘ඩොක්ටර්’ වෙනුවට කථානායක පුටුවට ආ අලුත් ඩොක්ටර්

ඉල්ලා අස්වූ ‘ඩොක්ටර්’ වෙනුවට කථානායක පුටුවට ආ අලුත් ඩොක්ටර්

ඉල්ලා අස්වූ ‘ඩොක්ටර්’ වෙනුවට කථානායක පුටුවට ආ අලුත් ඩොක්ටර්

10 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි වරට පත්වූ නව කතානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17 වැනිදා) තෝරා පත්කර ගෙන තිබේ.

ඔහුගේ නම යෝජනා කරන ලද්දේ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසිනි.

අමාත්‍ය බිමල් රත්නායක විසින් එම නම ස්ථීර කළ අතර විපක්ෂය කතානායක ධූරය සඳහා නමක් යෝජනා නොකළේය.

ඒ අනුව වෛද්‍ය ජගත් වික්‍රමරත්න නව කතානායකවරයා ලෙස තෝරා පත් කර ගැණුනි.

‘ආචාර්ය’ පදවියක් භාවිත කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයකට තුඩුදීම හේතුවෙන් හිටපු කථානායක ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සපුමල් රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here