ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් 07 දෙනකුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලබාදුන් පිටගැස්ම එන්නතකින් පසු අසනිප තත්ත්වයට පත්ව බෙලිහුල්ඔය ප්‍රාදේශිය රෝහලට අද ඇතුලත් කරනු ලැබීය.
සිසුවියන් හය දෙනෙක් සහ සිසුවෙක් ඒ අතර සිටිති. සිව් දෙනෙක් මූලික ප්‍රතිකාර වලින් පසුව රෝහලින් පිටව ගොස් තිබුණි.
සිසුන් ක්ෂේත්‍ර පරීක්ෂණ අධ්‍යන කටයුතු සඳහා යොමු කිරීමට පෙර පිටගැස්ම එන්නත ලබාදීමට පියවර ගෙන තිබේ. එම එන්නත පසුගිය ඔක්තෝබර් මාසයේදී කල් ඉකුත් වූවක් බව පසුව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල සිසුන් ඊයේ රාත්‍රී කාලයේ පන්දම් දල්වාගෙන විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම අභීයස උද්ඝෝෂණයකද නිරත විය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත පවසන්නේ එන්නත් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවය.